දත්ත හා තොරතුරු (Data and Information)

 ICT වල දී අපට නිතර ඇහෙන දෙයක් තමා  දත්ත හා තොරතුරු කියන්නේ. දත්ත (data) කියන්නේ කිසිදු විදියකට සකස් නොකර ගත් අකුරු(letters), numbers ,රූප( Images ) වගේ දේවල්. මේවා අපි සකස් කරපු නැති   නිසා දත්ත දිහා විතරක් බලල අපිට දෙයක් ගෙන හොද අදහසක් ගන්න බෑ.
මේ දත්ත කිසියම් ආකාරයකට සකසා ගත්තොත් ඒවාට අපි තොරතුරු(information) කියනවා.

 නිදසුන :
class  එකක් ගත්තොත් students ලා 50 ක් ඉන්නව හිතමු. ඒ අතරින් students  ලා කිහිප දෙනෙක්ගේ marks ගත්තොත්
රවී - 34,78,56,80
පුබුදු- 56,78,45,90
මේ දිහා බලලා ඔයාගේ mind එකට පැහැදිලි අදහසක්   ආවද? නැහැ නේ.එත් අපි මේ data    use  කරලා table එකක් හදා ගතහොත් ඊට ලොකු idea  එකක් ඔයාට ඒවී.

Name
Maths
Science
English
History
Total
Average
Ravi
34
78
56
80
248
62
Pubudu
56
78
45
90
269
67.25

මේ table එක බැලුවම students  ලා  ගේ marks ,subjects ,average ,total values ගැන බලලා class එකේ ඉන්න අය ගැන හොද අවබෝධයක් ගන්න පුළුවන් .

තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී  අපි use කරන්නේ මේ informarion . ඒ වගේම data ,process  වෙලා information හැදෙන්නේ.



මෙසේ දත්ත සැකසීමෙන් ලබාගන්නා හැම තොරතුරක්ම decision making purpose (තිරණ ගැනීමට ) සුදුසු වෙන්නේ නෑ .ගුණාත්මක තොරතුරු වල තියන ලක්ෂණ විදියට
1.අපි කරන්න යන වැඩේට ගැලපෙන්න ඕනි .
2.අංග සම්පුර්ණ වෙන්න ඕනි .
3.  නිවැරදි වන්න ඕනි .
4.යාවත්කලීන වෙන්න ඕනි .
5. වියදම අඩු වෙන්න ඕනි .

යන දේවල් කියන්න පුළුවන්.

ඒ වගේම මේ විදියට සකස් කරගත්ත තොරතුරු හුවමාරු කරන්න  අපි ICT යොදාගන්නවා .


දැන් දත්ත හා තොරතුරු අතර වෙනස ඔයාලට හොදින් වැටෙහෙන් ඇති කියල  හිතනවා.

Comments