හැඳින්වීම

IT , Information Technology කියන්නේ අද ගොඩක් fields වල use වෙන ඒ වගේම ඉදිරියට වර්ධනය වන field එකක් .ඉතින් IT ගැන දැන ගන්න කැමති ඔයාල වෙනුවෙන් basic IT ගැන පුංචි blog එකක් කරන්න හිතුව.මේක O/L කරන නංගිලා මල්ලිලා වගේම IT  ගැන   ඉගෙන ගන්න කැමති ඕනි  කෙනෙකුට  help එකක්  වේවි  කියල මන්  හිතනවා .
.
ඔයාල අහල ඇති IT සහ ICT කියල words දෙකක්. මේකේ පොඩි වෙනසක් තියනවා.

තොරතුරු තාක්ෂණය කියන්නේ පරිගණක(computers), ජාලකරණය(networking), මෘදුකාංග(softwares) සහ වෙනත් උපකරණ භාවිතා කරන සමස්ත කර්මාන්තයක්. තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තු ,සමාගම විසින් ඩිජිටල් තොරතුරු ගබඩා කිරීම, සැකසීම, ලබා ගැනීම සහ ආරක්ෂා කිරීම සඳහා වගකියනවා . මෙම කාර්යයන් ඉටු කිරීම සඳහා පරිගණක, servers, සහ ආරක්ෂක යාන්ත්රණයන් තියනව . තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තු වල සේවය කරන අය බැලුවොත් පද්ධති පරිපාලකයන් ( system administrators), දත්ත සමුදා පරිපාලකයින් (database administrators), වැඩසටහන්කරුවන් ( programmers), ජාල ඉංජිනේරුවන් (network engineers) සහ තොරතුරු තාක්ෂණ කළමනාකරුවන් (IT managers) වගේ අය ඉන්නව .

තොරතුරු සන්නිවේදන තාක්ෂණය(ICT) ,තොරතුරු සන්නිවේදන තාක්ෂණය, audio / vedio සැකසුම් සහ සම්ෙපේෂණය සහ telephony සමඟ තොරතුරු තාක්ෂණය ඒකාබද්ධ කිරීමක් විදියට පේනවා . ඒ නිසා තොරතුරු තාක්ෂණය සඳහා පුළුල් සංකේතයක් ලෙස ICT යොදා ගන්න පුළුවන් . තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය education හිදී පුළුල් ලෙස භාවිතා කරනව . තොරතුරු තාක්ෂණ(IT) industry එකේදී ගොඩක් use  වෙනවා.
 මීට අමතරව, පරිගණක ජාල සහ දුරකථන සහ audio / visual  network   කරන්න  තොරතුරු සන්නිවේදන තාක්ෂණය(ICT) යොදා ගන්නවා .

Comments

Popular posts from this blog

දත්ත හා තොරතුරු (Data and Information)